Thursday, August 15, 2013

හුදකලාව



  
  
නිල් තණ පියලි මත බොල්පිණි              විසිරිලා
සදකැන් වැටි පිණි කැට මිණි කැට          විලා
මැදියම් රැයේ මායා මන්දිර                    මැවිලා
සොබ දම් දිනිතියගේ අසිරිය ගෙන         පාලා

මුළු ලොව නිදන මොහොතක                හුදකලාවේ
මා පමණක් තනිවම මං                         මුලාවේ
අවිහිංසක සතුන් දඩ මං                         තලාවේ
ඇවිදින වැදී රජෙක් මෙනි මේ               කැලෑවේ

සිතල ගත වෙලයි හිරි ගඩු                      පිපිලා
පාළුව කාන්සිය හද තුල                         මැවිලා
නිශ්චල රැයේ නිසසල කම                     බිදිලා
බස්සෙකු හඩ නගයි උගේ සිත                රිදිලා

වවුලන් නිදන තුරු වදුලක අදුරු             කොනේ
සර සර හඩක් මතුවී සිත සසල                වුනේ
සසරෙහි පුරුදු සුවදක් පෙර පරිදි            දැනේ
හෙමිහිට නැගෙන සුසුමක එය ජනිත       වුනේ



මම

සුළග ....