Thursday, August 15, 2013

හුදකලාව



  
  
නිල් තණ පියලි මත බොල්පිණි              විසිරිලා
සදකැන් වැටි පිණි කැට මිණි කැට          විලා
මැදියම් රැයේ මායා මන්දිර                    මැවිලා
සොබ දම් දිනිතියගේ අසිරිය ගෙන         පාලා

මුළු ලොව නිදන මොහොතක                හුදකලාවේ
මා පමණක් තනිවම මං                         මුලාවේ
අවිහිංසක සතුන් දඩ මං                         තලාවේ
ඇවිදින වැදී රජෙක් මෙනි මේ               කැලෑවේ

සිතල ගත වෙලයි හිරි ගඩු                      පිපිලා
පාළුව කාන්සිය හද තුල                         මැවිලා
නිශ්චල රැයේ නිසසල කම                     බිදිලා
බස්සෙකු හඩ නගයි උගේ සිත                රිදිලා

වවුලන් නිදන තුරු වදුලක අදුරු             කොනේ
සර සර හඩක් මතුවී සිත සසල                වුනේ
සසරෙහි පුරුදු සුවදක් පෙර පරිදි            දැනේ
හෙමිහිට නැගෙන සුසුමක එය ජනිත       වුනේ



මම

සුළග ....

10 comments:

  1. හිරු රැස් වැටි බොල් පිණි කැට සඟවාලා....
    සඳ දෙව් කොහේ සැඟවී අද භිය පාලා....
    පෙර දින රැයේ සිහිනය යලි සිහි වීලා....
    පය තැබූ මහී ලෝකය සිත කැළඹිලා....

    මුළු ලොව අදත් නිහඬයි මේ වෙලාවේ....
    හදවත තනියි නිහඬයි මං මුලා වේ....
    තනිකම සැපයි සැමවිට හුදකලාවේ....
    දඩ බිම ලොවයි පණ නළ විහිදුනාවේ.....

    උණුහුම ගතින් දාඩිය බිඳු උරාලා....
    ජීවන හුස්ම මොහොතක් ළඟ රැඳී ලා....
    නිසලයි ලොවම මූසල කම පිරිලා.....
    හුස්මක් නැතේ අහසක් අද හඬා ලා....

    රැහැයින් හඬන තුරු ගොමු වල සතර කොනේ....
    සවනත වැකෙයි හඬනා ලොව ඉරි තැලුනේ....
    ගංගා දියක් නැති කතරක් වෙලා දැනේ.....
    සුසුමක් පමණි මා හදවතෙ ඉතුරු වුණේ....

    හිරු රැස් ගලා ලොව අවදියි කියන තුරා...
    මා නිහඬව නිදි පැදුරේ නිදන තුරා....
    සිහිනය මා සිත තුල උඩු දුවන තුරා....
    මගෙ පෙම ලොව ඇත පණ අදිනමින් මරා....

    ReplyDelete
    Replies
    1. mala geyak wela adai awe beno ... sthuthi machan lassana pilithura ... digatama ubalage sahayoge ona mata ...

      Delete
    2. පෙනේද මුගෙ කපටි කම. 4ක් ලිව්වොත් 5ක් ලියනවා.. 2ක් ලියල තිබුනොත් 3ක් ලියනවා :D
      පෝස්ට් වලට වඩා ලොකු කමෙන්ට් :D

      Delete
  2. ලස්සණ යි :) ඔන්න මමත් ආවා මේ දිහාට ගොඩ වෙන්න. කවියකින් උත්තර බඳින්න විදියක් නෑ බෙන් කියන්න ‍ඕනේ ඔක්කොම කියලනේ.

    ReplyDelete
    Replies
    1. dara akki ... godak thanks me paththe awata .. aluth kenekge ekakata com ekak liuwata pin .. theruwan saranai

      Delete
  3. ආ පටන් ගත්තා විතරයි වගේ.. ඔහොම යමං ඕම යමං :)

    ReplyDelete
    Replies
    1. පීසී එකෙන් එනවනම් සින්හලෙන්ම කොටහන් මලේ.. අපහසුවක්නම් කමක් නෑ. ඒත් සිංහල බ්ලොග් අවකාසෙට මොකටෑ කමෙන්ට් ඉන්ග්‍රීසි අකුරු වලින් :)

      Delete
    2. සිංහලෙනම කොටන්නම් අයියේ .. මේ පැත්තේ ආවට ගොඩක් තැන්ක්ස් ... ඉස්සරහට ලියන්නම් .. හැබැයි කවි තමයි ඉතින් ..

      Delete
  4. ෂෝක් ඒත් බැග්රවුන්ඩ් ෆොටෝව මාරු කරානම් පැහැදිලි ,,නිස්කලංකයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කි .. මම එපමණ දේවල් දන්නේ නැ .. තවම අදුනිකයෙක්මි ... හදා ගන්න උත්සහ කරන්නම් ...

      Delete