Showing posts with label නිසදැස්. Show all posts
Showing posts with label නිසදැස්. Show all posts

Sunday, June 15, 2014

අමිහිරිම අතීතය ...  


ඉරා විසි කලෙමි 
හදේ තිබු නුබේ 
මිහිරිතම මතකය 
මා හැඩවූ 
මා සැනසූ 
ඒ මතකය 
රැවටිලිකාර අතීතයක 
සෝ සුසුම් පිරුන 
කොතෙක් කි කතා ලෝකය 
විස්වාස නොකළ වරදට 
සමාවෙයන් අප්පච්චි
ඇ ගැනම සිතුවාට
ඉරා විසි කලෙමි මම
ටිකෙන් ටික මතකය
හෙටින් උදා වන
නැවුම් ලොව වෙත ... 

Tuesday, September 10, 2013

...... නිදිකුම්බා මල ......

මලක් දුටිමි මල වට කර බිගු  සරණ 
කලක් ගතවූ පසු මල හැර යයි රැන 
පෙළක් නිලමැසින් හට රොන් කෙමි පුදන 
මලක් නොම දනී බඹරෙකු කම වටින

මල හොද මොකද දුටු දුටු බිගුවන් ඒනම් 
නල වැල් සමග හැම අතටම වනේ නම් 
දල රළු නටුව කටු කොහොලින් පිරේ නම් 
මල එම කටු තුලින් බඹරෙකු පෙලා  නම් 



උලා කකා යන කුරුමිණියන් රොත්ත 
තලා පෙලා වනසා දමනට ගත්ත 
සලා කළා සරසවි කවි මල් ඉත්ත 
නෙලා නෙලා පලදා ගනු හිස මතත 

මලේ මලේ නිදිකුම්බා වැලේ මලේ 
කලේ කලේ බිගුවෙකු ඇයි මුලා කලේ 
මලේ ජලේ දුගදින් පිරුණු දිය වලේ 
කලේ ලොලේ සිටි නිලමැසිට ලොබ කලේ  


මම 
සුළග  

Sunday, September 8, 2013

මම .... නුබ .... අපි


මම ....

පාලු මැදියම් අහසේ ...
ආදරයේ පැල දිග වලාකුළු අතර ...
නුබේ රුව පමණක්ම ඇද ..
දුප්පත් ඇස් අගක ...
සිහිනයකින්ම පමණක් ... 
ආදරය කල ...
පහන් තාරකාවක් ... 

නුබ ...

ඉරා අදුරු සළු පිලි ...
දිදුලමින් තරු කැට ....
පායා විත් නුබ ගැබ මත ...
ඝනදුරම පමණක් ඉතිරි කර ....
නොකියාම බැස ගිය ...
සුපුන් සදක් .... 


අපි ....

ජීවිතය දවා හළු වුනු පසු ...
පෙර ජිවිතයේ අළු වලින් ...
නැවත උපදින ...
ෆීනික්ස් පක්ෂීන් සේ ...
අතීතයේ මතකයන්ගෙන් ...
ජිවිතේ සුසුම් පොද කැටිකර ...
ජීවිතය ගෙවන්නාවූ ...
පෙම්වතුන් යුවලක් ...   



මම 
සුළග  

Friday, September 6, 2013

...... පායනු මැන ......



ඔයාගෙයි මගෙයි අතීතය තාමත් මගේ මතකයේ තියා ගෙන මම තනිවම ජිවත් වෙනවා .. මම දන්නවා ඔයා ලගත මගේ මතකයන් තාමත් ආරක්ෂා කරගෙන තියාගෙන ඉන්නවා කියලා .. ඒ වෙනුවෙන් ... අපේ ඒ ලස්සන ආදරය වෙනුවෙන් .. ඒ ආදරේ මතකයත් එක්ක මම හැමදාමත් ජිවත් වෙනවා .. ජිවත් වෙන්නෙත් මැරෙන්නෙත් ඔය ආදරේ වෙනුවෙන්ම විතරයි මගේ සුදු මැණික ...

සිතුවිලි තුල උපදින මගේ සෙනෙහස 
කවි පද ලෙස පිටු තුල ලියවෙන විට 
සිතුවම් මවමින් නුබ රුව හද තුල 
මවෙමින් නැතිවන අරුමය කුමනද 

නැතිවිට එක්වී සිටිනට සිතු ලෙස 
පතනෙමු මතු භවයක එක වී සිටිනට 
පෙරඹර පැයු තරුවක් විලසින 
පායනු මැන අඹරෙහි මගේ සෙනෙහෙන 

මම 
සුළග  

Thursday, September 5, 2013

....... නුබේ සෙනෙහස .......



දෙනුවන් මගේ බොද කරමින් 
දෙකොපුල් මගේ තෙත් කරමින් 
සෙනෙහස බැමි ඉරි තලමින් 
දුරකට ගිය නුබේ නාමෙන් 

සද වත වැනි ඔය මුහුණට 
පෙර දවසක අපේ මතකෙට 
නුබට බැදුණු සෙනෙහස් සිත 
රැක ගන්නම් නුබ විලසට 

අහස උසට බැදුණු සෙනේ 
සිත තුල ලියවුනා මගේ 
නුබේ නමෙන් ඒ සෙනෙහස 
සැමදා සුරකෙවී ප්‍රියේ 

ලංව ඉන්න බැරි උනාට 
වෙන්ව යන්න සිදු උනාට 
පෙරුම් පුරමු මතු භවයක 
එක්ව ඉන්න එක විලසක 

මම 
සුළග  

Thursday, August 15, 2013

හුදකලාව



  
  
නිල් තණ පියලි මත බොල්පිණි              විසිරිලා
සදකැන් වැටි පිණි කැට මිණි කැට          විලා
මැදියම් රැයේ මායා මන්දිර                    මැවිලා
සොබ දම් දිනිතියගේ අසිරිය ගෙන         පාලා

මුළු ලොව නිදන මොහොතක                හුදකලාවේ
මා පමණක් තනිවම මං                         මුලාවේ
අවිහිංසක සතුන් දඩ මං                         තලාවේ
ඇවිදින වැදී රජෙක් මෙනි මේ               කැලෑවේ

සිතල ගත වෙලයි හිරි ගඩු                      පිපිලා
පාළුව කාන්සිය හද තුල                         මැවිලා
නිශ්චල රැයේ නිසසල කම                     බිදිලා
බස්සෙකු හඩ නගයි උගේ සිත                රිදිලා

වවුලන් නිදන තුරු වදුලක අදුරු             කොනේ
සර සර හඩක් මතුවී සිත සසල                වුනේ
සසරෙහි පුරුදු සුවදක් පෙර පරිදි            දැනේ
හෙමිහිට නැගෙන සුසුමක එය ජනිත       වුනේ



මම

සුළග ....

Tuesday, July 16, 2013

සුදු මැනික ......

ඔයාගේ ආදරේ නිසා ජිවත් වෙන,
ඔයාගේ ආදරේට ආදරේ කරන,
ඔයාගේ මතකයෙන් හුස්ම ටික උරා ගන්න,
මම කොයි විදිහට ජිවත් උනත්,
දුක් වින්දත් ඔයා සතුටින් ජිවත් වෙන්න ඕන.
ඔයා වෙන කෙනෙක්ගේ උනාට
මම ඔයාට ගොඩක් ආදරෙයි.
ඔයාගේ ආදරේ ගැන මතකයන්
හැමදාම මාව ජිවත් කරවයි

සුදු මැණික.....





නෙත රැදුණු නෙක තැනක
සොඳුර නුබේ වත දුටිමි
නෙතු පියවූ හැම විටම
සිහිනයක නුබ රැදුනි

හද ගැස්ම දැනුනු විට
හුස්ම පොද නුබම උනි
පිපුණු මල් පියල්ලක
මුදු සුවද නුබම උනි

සිතුවමට පන පෙවූ
තෙලි තුඩග නුබම උනි
පින් බිමක් තුල රැදුනු
සිල් සුවද නුබම උනි

අහිමි වන විජිතයේ
රන් දොරටු නුබම උනි
දිවිය තුල පන පෙවූ
හුස්ම පොද නුබම උනි .......

මම

සුළග

Friday, July 12, 2013

...... වදිමි නුබේ පා සිබිමින ......



දස මසක් කුස දරා 
වැදු මගේ මෑණියනි 
නළල බැද දොහොත් දී 
වදිමි නුබේ පා සිබිමින 

හෙලා දා දිය බින්දු 
වඩා අප සුව රැන්දු 
බැතිබරව පියාණෙනි 
වදිමි නුබේ පා සිබිමින 

සම සිතින් එක ලෙසින
ඉවස වැරදි අප දග කල 
ඇති දැඩි කල දෙමවුපියනි 
වදිමි නුබේ පා සිබිමින 

අහිමි වුනත් මවු සෙනෙහස 
අඩුවක් නැ පිය සෙනෙහෙන 
නුබට තියෙන නය ගැති බව 
ගෙවා ගන්ට නොහැකිය මට ....... 



තුති කුසුම්





ලියන්නට බොහෝ දේ 
ගොනුව තිබු මුත් සිත් සේ 

මග හසර නොදත්තේ 
වල්මත්ව සිටියේ 

ගුරුකමින් නුබගේ 
උගනිමිය සිත් සේ 

තුති මලකි මෙත් සේ 
නුබයි මා සුමිතුරේ ......