Tuesday, September 10, 2013

...... නිදිකුම්බා මල ......

මලක් දුටිමි මල වට කර බිගු  සරණ 
කලක් ගතවූ පසු මල හැර යයි රැන 
පෙළක් නිලමැසින් හට රොන් කෙමි පුදන 
මලක් නොම දනී බඹරෙකු කම වටින

මල හොද මොකද දුටු දුටු බිගුවන් ඒනම් 
නල වැල් සමග හැම අතටම වනේ නම් 
දල රළු නටුව කටු කොහොලින් පිරේ නම් 
මල එම කටු තුලින් බඹරෙකු පෙලා  නම් 



උලා කකා යන කුරුමිණියන් රොත්ත 
තලා පෙලා වනසා දමනට ගත්ත 
සලා කළා සරසවි කවි මල් ඉත්ත 
නෙලා නෙලා පලදා ගනු හිස මතත 

මලේ මලේ නිදිකුම්බා වැලේ මලේ 
කලේ කලේ බිගුවෙකු ඇයි මුලා කලේ 
මලේ ජලේ දුගදින් පිරුණු දිය වලේ 
කලේ ලොලේ සිටි නිලමැසිට ලොබ කලේ  


මම 
සුළග  

Sunday, September 8, 2013

මම .... නුබ .... අපි


මම ....

පාලු මැදියම් අහසේ ...
ආදරයේ පැල දිග වලාකුළු අතර ...
නුබේ රුව පමණක්ම ඇද ..
දුප්පත් ඇස් අගක ...
සිහිනයකින්ම පමණක් ... 
ආදරය කල ...
පහන් තාරකාවක් ... 

නුබ ...

ඉරා අදුරු සළු පිලි ...
දිදුලමින් තරු කැට ....
පායා විත් නුබ ගැබ මත ...
ඝනදුරම පමණක් ඉතිරි කර ....
නොකියාම බැස ගිය ...
සුපුන් සදක් .... 


අපි ....

ජීවිතය දවා හළු වුනු පසු ...
පෙර ජිවිතයේ අළු වලින් ...
නැවත උපදින ...
ෆීනික්ස් පක්ෂීන් සේ ...
අතීතයේ මතකයන්ගෙන් ...
ජිවිතේ සුසුම් පොද කැටිකර ...
ජීවිතය ගෙවන්නාවූ ...
පෙම්වතුන් යුවලක් ...   



මම 
සුළග  

Saturday, September 7, 2013

මරණය සැපකි දෙපයින් සිට නොවී කුද

හිතවත් ලග පාත අය දැක ගොරවන වා 
නින්දිත පහත ලෙස ගරහා එළවන වා 
නුපුරුදු මුහුණු අවි දැක වැද වැලපෙන වා 
පන නල රැකීමට දෙපතුල් ලෙවකන වා 

අවිහිංසක දුගී දුප්පත් අය අතර 
මහ පුරුෂයින් විරුවන් මෙන් වෙයි නිතර 
බොරු සිංහයින් උඩු බුරලන සියළු වර 
අවිගත් සොරුන් දැක වෙයි පනුවෙකු විතර 

බියගුළු නිවටයින් ජිවත් උනාවේ 
යුක්තිය මැකී අවනඩු මතු උනාවේ 
බොරුවෙන් මායමෙන් ලොව රැව ටුනාවේ 
ඇත්තට ගරු කරන උන් මිය ගියාවේ 


පන නල රැකීමට තවකෙකු දෙපා  වැද 
කුමටද නිවට බියගුළු ලෙස රැකි  අද 
සදාකල්ම අප පන නල රැකෙ  විද 
මරණය සැපකි දෙපයින් සිට නොවී  කුද 



මම
සුළග 

ප.ලි - 

ඇත්ත කතා කලොත් මරණය .. එහෙත් ජිවත් වීමට වඩා එම මරණය උතුම්ය ..  

....... මගේ වීරයා .......

  
හෙතෙම ...

අනුරාදපුර නගරය බිහි කරයි ..
අනුරාදපුර නගරය ගොඩ නගයි ...
ගම් සිමා නියම කරයි ...
ජය ගගේ වතුරෙන් අභිෂේක ලබයි ...
ගොවි පවුලකින් විවාහයක් කර ගනී ..
දේවාල ඉදි කරයි ..
පුජා පවත්වයි 
නගර ගුත්තිකයින් පත් කරයි ...

හෙතෙම 
  
අරෝව සන්සිදවයි ...
ලේ වැගිරවීම් නවත්වයි ...
විරසකය දුරු කරයි ...
සිංහයින් විනාශ කරයි ...
සිවු හෙලයන්ව දිනවයි ..
මවු බිම නිදහස් කර ගනී ..

හෙතෙම ..

මවු බිමේ නිදහස් සටනේ පළමු විරුවා නම් වේ ..
මවු කුසින් බිහි වන්නට පෙරම 
මරණ වරෙන්තුව ලත් ඔටුන්න හිමි කුමරුවා වෙයි ...
හෙළයේ මහා ඇදුරන්ගේ අභාෂයෙන් ...
පෙර මග කියන්නාවූ නිමිත්ත පාටකයන්ගේ 
අනාවැකි මේ යැයි සපල කල ...

හෙතෙම 

සිංහ වංශිකයින් වූ ..
පර දෙසක්කාරයින්ගෙන් 
මේ රටේ කිරීටය නැවතත් ...
මුල් පදිංචිකාර සිවු හෙළයන්ට 
භුක්තියට සරි කරන්නේය ...

හෙතෙම 

නමින් ...
පකුන්ඩක නොහොත් ..
පණ්ඩුකාභය නම් විය .... 
  


මම 
සුළග  

Friday, September 6, 2013

...... පායනු මැන ......



ඔයාගෙයි මගෙයි අතීතය තාමත් මගේ මතකයේ තියා ගෙන මම තනිවම ජිවත් වෙනවා .. මම දන්නවා ඔයා ලගත මගේ මතකයන් තාමත් ආරක්ෂා කරගෙන තියාගෙන ඉන්නවා කියලා .. ඒ වෙනුවෙන් ... අපේ ඒ ලස්සන ආදරය වෙනුවෙන් .. ඒ ආදරේ මතකයත් එක්ක මම හැමදාමත් ජිවත් වෙනවා .. ජිවත් වෙන්නෙත් මැරෙන්නෙත් ඔය ආදරේ වෙනුවෙන්ම විතරයි මගේ සුදු මැණික ...

සිතුවිලි තුල උපදින මගේ සෙනෙහස 
කවි පද ලෙස පිටු තුල ලියවෙන විට 
සිතුවම් මවමින් නුබ රුව හද තුල 
මවෙමින් නැතිවන අරුමය කුමනද 

නැතිවිට එක්වී සිටිනට සිතු ලෙස 
පතනෙමු මතු භවයක එක වී සිටිනට 
පෙරඹර පැයු තරුවක් විලසින 
පායනු මැන අඹරෙහි මගේ සෙනෙහෙන 

මම 
සුළග  

Thursday, September 5, 2013

....... නුබේ සෙනෙහස .......



දෙනුවන් මගේ බොද කරමින් 
දෙකොපුල් මගේ තෙත් කරමින් 
සෙනෙහස බැමි ඉරි තලමින් 
දුරකට ගිය නුබේ නාමෙන් 

සද වත වැනි ඔය මුහුණට 
පෙර දවසක අපේ මතකෙට 
නුබට බැදුණු සෙනෙහස් සිත 
රැක ගන්නම් නුබ විලසට 

අහස උසට බැදුණු සෙනේ 
සිත තුල ලියවුනා මගේ 
නුබේ නමෙන් ඒ සෙනෙහස 
සැමදා සුරකෙවී ප්‍රියේ 

ලංව ඉන්න බැරි උනාට 
වෙන්ව යන්න සිදු උනාට 
පෙරුම් පුරමු මතු භවයක 
එක්ව ඉන්න එක විලසක 

මම 
සුළග  

Tuesday, September 3, 2013

......... මගේ සුදු මැණික ..........



රාස්සිගේ අවුව වැටුණු හැම විදියකම මුසලයි ... හිරි වැටිච්ච හිත හිමිහිට ඉකිලන්න හදනවා ... තනි වුනු මගේ හිතේ ඔයාට තිබ්බ ආදරේ වෙනුවෙන් නැගෙන සුසුම් රැලි ඇතට පාවෙලා යනවා ... ජිවිතේ මේ තරම් තනිකමක් පාළුවක් මට දැනෙන්නේ ඇයිද කියලා තේරුම් ගන්න මේ හිත පොඩ්ඩ තාමත් හිතනවා ... 

සුන්දර කදු යායකින් වටවුණු ඇත පිටිසර ගමක හැදුනු අපි දෙන්නා ... කාලයත් එක්ක ආදරෙන් බැදුනා ... මතකද ඒ සුන්දර අතීතය .. තාමත් ඔයත් මම වගේම ඒ අතීතයේ මතක සුවද තුරුළු කරන ජිවිතේ විදවන බව මම දන්නවා ... එත් .... දැන් ඔයා එක දරු මවක් ....

ඔයා තාමත් මගේ ඇස් මානයේ ජිවත් වෙන එක තමයි මට තියෙන එකම සැනසීම .. අතීතය නම් වුනු ඒ සුන්දර දවස් වල අපි දෙන්නා තාමත් දෙපැත්තකට වෙලා හුල්ලනවා .. දැන් ඔයා වෙන කෙනෙක්ගේ වෙලා .. එත් තාමත් අපි එක ගමේ ... හොදම යාලුවෝ .... 

සැදෑ කළුවර කුර ගගා විත් 
නුබේ පැල්පත මගේ දසුනින් 
ඇත් වූ සද - මගේ සරා සද 
තනිවෙලා මා තනිවෙලා .... 

අපේ ආදරේ ලග රාගය තිබ්බේ නැ .. එක වචනයෙන් කිවුවොත් එක  ආත්මීය ආදරයක් .. එක නිසා නේද අපි තාමත් හොදම යාළුවො විදිහට ජිවත් වෙන්නේ .... 

මේ ආත්මේ බැරි උනත් උපදින ආත්මයක් ගානේ හරි අපි අපේ වෙන්න කියල ඔයා වගේම මමත් අපේ ගමේ පන්සලට මල් පුජා කරනවා .. එකයි රත්තරනේ මම හැම පෝයටම ගමේ පන්සලට දුවගෙන එන්නේ කොහේ හිටියත් .. ඔයත් ඒ දේ කරන බව මම දන්නවා ... 

සැම උදයක
නෙතු පාරවාගෙන
ගලා හැලෙනා
සි....ත.....ල 
කදුළු බිදුවක් සේ 
නුබ ඇවිත් යනවා 
සිහිනයෙන් 
මහද කුටියට  ...

මම 
සුළග

Monday, September 2, 2013

............ සිහින ලොව දසුනක් ..............

සෙවිවන්දියක ලෙස සරසා වත  කමල 
නෙතු අග බැල්ම මදහස රැදී මුව මඩල 
පෙර දුටු නුදුටු වෙස් ගෙන මා හද සසල 
කරමින් පැමිණි නිදි ලොව කුමරිය නිමල 

මැදියම් රැයේ තද නින්දේ පසු වෙද්දී 
සිහිනෙන් පැමිණ මා හදවත පොබ යද්දී 
සිහි කර ඉදිරියේ ඇති දිවි මග වන සිද්දි 
ඇය නිහඩව සිටියේ ති මා අම  තද්දී 


එම්බා සිහින කුමරිය මගේ හද පාරා 
පිම්බා දෙසවනට විස නල වැල් තෝරා 
සම්බාසනය අවසන නිදි ලොව හෝරා 
සිම්බා මා සුරත අවසර දී බේරා 

සිහිනය සිහිනයක් ලෙසටම උනාවේ 
මා සොදුරිය අසල මා සැත  පුනාවේ 
රැවටිලි මුසා මායා පැතු රුනාවේ 
සිහිනය මිරිගුවක් බව වැට  හුනාවේ  

මම 
සුළග