Monday, September 2, 2013

............ සිහින ලොව දසුනක් ..............

සෙවිවන්දියක ලෙස සරසා වත  කමල 
නෙතු අග බැල්ම මදහස රැදී මුව මඩල 
පෙර දුටු නුදුටු වෙස් ගෙන මා හද සසල 
කරමින් පැමිණි නිදි ලොව කුමරිය නිමල 

මැදියම් රැයේ තද නින්දේ පසු වෙද්දී 
සිහිනෙන් පැමිණ මා හදවත පොබ යද්දී 
සිහි කර ඉදිරියේ ඇති දිවි මග වන සිද්දි 
ඇය නිහඩව සිටියේ ති මා අම  තද්දී 


එම්බා සිහින කුමරිය මගේ හද පාරා 
පිම්බා දෙසවනට විස නල වැල් තෝරා 
සම්බාසනය අවසන නිදි ලොව හෝරා 
සිම්බා මා සුරත අවසර දී බේරා 

සිහිනය සිහිනයක් ලෙසටම උනාවේ 
මා සොදුරිය අසල මා සැත  පුනාවේ 
රැවටිලි මුසා මායා පැතු රුනාවේ 
සිහිනය මිරිගුවක් බව වැට  හුනාවේ  

මම 
සුළග