සෙවිවන්දියක ලෙස සරසා වත කමල
නෙතු අග බැල්ම මදහස රැදී මුව මඩල
පෙර දුටු නුදුටු වෙස් ගෙන මා හද සසල
කරමින් පැමිණි නිදි ලොව කුමරිය නිමල
මැදියම් රැයේ තද නින්දේ පසු වෙද්දී
සිහිනෙන් පැමිණ මා හදවත පොබ යද්දී
සිහි කර ඉදිරියේ ඇති දිවි මග වන සිද්දි
ඇය නිහඩව සිටියේ ති මා අම තද්දී
එම්බා සිහින කුමරිය මගේ හද පාරා
පිම්බා දෙසවනට විස නල වැල් තෝරා
සම්බාසනය අවසන නිදි ලොව හෝරා
සිම්බා මා සුරත අවසර දී බේරා
සිහිනය සිහිනයක් ලෙසටම උනාවේ
මා සොදුරිය අසල මා සැත පුනාවේ
රැවටිලි මුසා මායා පැතු රුනාවේ
සිහිනය මිරිගුවක් බව වැට හුනාවේ
මම
සුළග
මාර ලිවිල්ලක්නෙ. ෆැන්ටසිය එක පැත්තකිං. කවි පබැඳුම් හැකියාව තව පැත්තකිං. අද ඉඳං මාත් උඹේ පස්සෙ පන්නනවා. (න යනු ගාණ හරි නේ?) දිගටම ලියමු. ජය වේවා!
ReplyDeleteබොහොමත්ම ස්තුතියි අයියේ .. ඔයාලා ප්‍රවීණයෝ .. ඔයාලගේ දිරිමත් කිරීම් වටිනවා මට නම් අදුනිකයෙක් විදිහට ...
Deleteහ්ම්ම් අපූරුයි :)
ReplyDeleteස්තුතියි සමි අයියේ ... නිවාඩු පාඩුවේ ඇවිත් යන්න එන්න මේ පැත්තේ
Deleteඅහා...තවත් කවි බ්ලොග් එකක් වගේ..නියමයි සුළග. ඔහොම යමු.
ReplyDeleteස්තුතියි සයුරි .. මේ පැත්තේ ආවට ... කවිය මගේ ජීවිතය වෙලා ...
Deleteඅදයි ආවේ.බ්ලොග් එකට මගෙන් සුබ පැතුම්!
ReplyDeleteනිර්මාණයනම් බොහොම අපූරුයි! දිගටම ලියන්න.
අපි එන්නම්කෝ...
දුලාගේ අඩවියේ දුලා
ස්තුතියි දුලා .. ඔයාලා වගේ ප්‍රවිනයෝන්ගේ අදහස් වලට ගරු කරනවා ...
Delete