Sunday, May 25, 2014


...... නුබ වෙනුවෙන් මම 1 ....... 




“අම්මා”

“මොකද දරුවෝ කැ ගහන්නේ ... ලෑස්ති වෙන්න ඉක්මනට”

“මගේ සුදු කමිසේ කොහෙද”

“අල්මාරියේ බලන්න .. අනේ මේ දරුවා නම් ..”

විසල් නිවසක් වූ ඒ “සතුදය” තනි මහල් පාය තුල උක්ත දෙබස උස් හඩින් සිදු වෙමින් තිබුණි... මනරම් වෙල් යායකින් වටවූ සුන්දර වටපිටාවක තනිව පිහිටි එම නිවස ගම මැද්දෑවට යන ගුරු පාරට මුහුණලා පිහිටියේය ... පාසල් යන්නට ලක ලෑස්ති වෙමින් සිටි දාහත් හැවිරිදි කොලු ගැටයෙකු එම නිවසේ උක්ත දෙබස සිදු වූ කාමරයේ ලහි ලහියේ සුදානම් වෙමින් සිටියේය.

“පුතා .. මේ බත් ටික කන්න”

“පරක්කු වෙලා අම්මා ... කන්න වෙලා නැහැ”

“මොකක්ද හදිස්සිය .. තව වෙලා තියෙනවා..”

“අනේ අම්මා කවන්නකෝ”

“අනේ මේ නාකි හුරතලේ ... කෝ කෝ කට අරින්න”

“මගේ සුදු අම්මා”

තරුණයා තම මවට තුරුල් වෙමින් බත් පිගාන දෙස බැලුවාය ... මවගේ අතින් අනා කවන ලද බත් ටික උගුරට දෙකට ගිල දමා .. දෙදන බිම ඔබා මවට වැන්දාය ...

“තෙරුවන් සරණයි මගේ කොල්ලට”

“අම්මා තාත්තා කෝ”

“ඉස්සරහ මම දැක්කා පොතක් බලනවා”

“මම යනවා අම්මේ”

පොත් දෙක තුරුලට ගත් ඔහු තම පියා වාඩි වී සිටි තැනට හෙමින් සීරුවේ ගියාය.

“තාත්තේ .. මම ගිහින් එන්නම්”

“තෙරුවන් සරණයි මගේ පුතාට” පියා හිස අත ගා ආශීර්වාද කාලය. තම මව දෙස බැලු හෙතෙම ඉක්මන් ගමනින් පියවර තබමින් ගුරු පාර දිගේ නොපෙනී ගියාය...

හේ නමින් නෙත්සර සදරුවන් විය. සුන්දර වෙල් යායකින් වටවූ රන්දෙනිවෙල නම් ගම්මානයේ යමක් කමක් ඇති පවුලක එකම දරුවා වී ඉපිද තම සුන්දර බාල කාලය ගෙවා දමා දැන් හිරිමල් යොවුන් වියට පා තබා සිටි. ඇලේ දොලේ .. කමතේ .. ගමේ පින්කමක් .. මගුලක් ... දහම් පාසලේ සියලු තැනදීම ඔහුට ලැබුනේ නොමද හිතවත් කමකි. 12 වන වසරේ ඉගෙනුම ලැබූවත දහම් පාසලේ ආචාර්ය වරයෙකු වන්නට තරම් හෙතෙම වාසනාවන්ත විය.

ගුරු පාර දිගේ ඉක්මන් ගමනින් ගිය ඔහු එක නිවසකට හැරෙන පාරක් අද්දර බලා සිටියේය. ටික වෙලාවකින් සුදෝ සුදු වතින් සැරසුන පාසල් යුවතියක් තම මවගේ දෙපා වැද අවසර ගෙන හිමි හෙමින් ඔහු අසලට පැමිණියාය. නෙත්සර උස් හඩින් දැරියගේ ගෙතුළ උන් කාන්තාව ඇමතුවාය

“අපි යනවා නැන්දේ”

“තෙරුවන් සරණයි පුතාලට”

නෙත්සර තරුණිය දෙස බලා මදහසක් පෑවාය. “යමු” කි නෙත්සර ඇය සමග පාසල වෙත යාමට පිටත් විය. ඇ නමින් නවත්මා මන්දාකිනි විය.
.... සුළග.....

1 comment: