Tuesday, September 10, 2013

...... නිදිකුම්බා මල ......

මලක් දුටිමි මල වට කර බිගු  සරණ 
කලක් ගතවූ පසු මල හැර යයි රැන 
පෙළක් නිලමැසින් හට රොන් කෙමි පුදන 
මලක් නොම දනී බඹරෙකු කම වටින

මල හොද මොකද දුටු දුටු බිගුවන් ඒනම් 
නල වැල් සමග හැම අතටම වනේ නම් 
දල රළු නටුව කටු කොහොලින් පිරේ නම් 
මල එම කටු තුලින් බඹරෙකු පෙලා  නම් 



උලා කකා යන කුරුමිණියන් රොත්ත 
තලා පෙලා වනසා දමනට ගත්ත 
සලා කළා සරසවි කවි මල් ඉත්ත 
නෙලා නෙලා පලදා ගනු හිස මතත 

මලේ මලේ නිදිකුම්බා වැලේ මලේ 
කලේ කලේ බිගුවෙකු ඇයි මුලා කලේ 
මලේ ජලේ දුගදින් පිරුණු දිය වලේ 
කලේ ලොලේ සිටි නිලමැසිට ලොබ කලේ  


මම 
සුළග  

27 comments:

  1. හැම මලම හැම මී මැස්සම එක වගේ නෑ සුළඟ..
    බලන්නකෝ මේ දිහා..

    පියුම් පෙති මත රත වසා
    ගෙතෙනු ඇත රොද බිඟු සදා
    ගැයෙන බිඟු ගුම් තනු අසා
    තනුව පුරවමි පද ගොතා

    ගෙතෙන ගී
    පද ගානේ
    නටත් ඒ
    බිඟු ආයේ
    බැඳෙන බිඟු
    වද වාගේ
    බඳිමි පද
    මී වාගේ

    නමින් ඈ වෙයි
    මල් ගී
    ඇගෙ නමින්
    මල් පූදී
    ඇගේ ස්වර ගත්
    බිඟු ගී
    බඳියි මගෙ හද
    මධු මී

    මල් ගීයක්
    වයන්නම්..
    ගැයෙන ගී පද
    විදින්නම්..
    ගී පදට
    සුවඳ දේ නම්..
    ලඟින් සැමදා
    රැඳෙන්නම්..


    ReplyDelete
    Replies
    1. හි හි .. කඩන මල් මදිද මන්දා මල් ගී එක්ක ...

      නියමයි කරු .. ලස්සනයි .. වචන නැ මට කියන්නට ...

      මලගි - කරු නාමේ
      සදා රැදෙවි මතකේ
      සුපතුමින් මාගේ
      හද තුටින් බරවේ

      රන් රස විලස එක වී සිටින්නයි
      මල් මෙන් සුවද හැම අත පතිරෙන්නයි
      සුවය සැපත නීති සම්පත් ගෙනෙන්යි
      මල් ගී - කරු යුවලට ආසිරි ගෙන්නයි

      Delete
    2. තුතියි සුළඟ.. :) මල් ගීයට මම පෙන්නන්නම් මේක..

      Delete
  2. හපොයි කවිකාරොයේ නෙ ඔක්කොම. හරිම අගෙයි. මම හිතුවේ දැන් ඉන්න උන් කවි කියන්ඩ තියා හරියට සිංහලවත් උච්චාරණය කරන්ට බැරි උනු කියලා. බ්ලොග් අවකාශෙට පින්සිද්ධ වෙන්ඩ අපිටත් කවිකාරයො මුණ ගැහුන නෙව දැන්. මම නිකම් මෙතන පොඩි කමෙන්ටුවක් දාලා වැඩේ අවුල් කලාද මන්දා.

    ReplyDelete
    Replies
    1. අදමයි මේ පැත්තේ ආවේ නේද .. තුති මල් මිටක් මෙන්න මගෙන් රතිට ...

      මොන අවුලක්ද අනේ ... ඔයාලගේ වචන මට හයියක් .. ඔයාලා ලියන නිසයි මම මෙහෙම එන්නේ .. නැත්නම් මම ලියන නැ ...

      Delete
  3. ඔන්න මමත් මේ පැත්තේ ආව ලු. ලස්සණ යි කවිකම.

    ReplyDelete
    Replies
    1. බොහොම සාදරයෙන් පිලි ගන්නවා මේ පැත්තට ... ස්තුතියි

      Delete
  4. මම නං ආස යි නිදිකුම්බා මල්වලට. අමුතු ම ලස්සණක් තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. එකනේ ධාරා .. ඔයා කවි ටිකට ආස නැද්ද ... :(

      Delete
  5. ඔන්න මමත් අද ඉදන් මේ පැත්තේ එනවා. පුංචි කාලේ තට්ටු දාලා නිදි කරවන ගහේ මල........කවිකම් නම් ලස්සනට ගොතලා තියෙනවා ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ශානු ඇවිත් .. පිලිගන්නවා හද පත්ලෙන්ම ... තුති මල් මිටක් එක්කම ...

      ස්තුතියි .... ඔයාටත් ..

      Delete
  6. මාත් ආවා ඔන්න මේ පැත්තේ.ඇත්තටම තවත් හොද කවි කාරයෙක් මන් එකතු කර ගත්තා.ගොඩක් හොදයි...අපේ පැත්තෙත් එන්න හොදේ.ඔන්න මන් ෆලොව් පාරකුත් දැම්මා...ජය වේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .. ඒ වගේම සාදරයෙන් පිලි ගන්නවා .... එන්නම් අනිවා ඔය පැත්තේ ...

      Delete
  7. දැන් ඉතින් වැරැද්ද මල අතද? බඹරා අතද?
    කවි ටික අපූරුයි. :)

    ReplyDelete
    Replies
    1. මලුත් වැරදියි ... මල් එක්ක සෙල්ලම් කරන බම්බරනුත් වැරදියි ...

      ස්තුතියි කවි ටික ලස්සනයි කිවුවට ....

      Delete
  8. හැමෝම කවිම ලියනවා.. ඇයි බං අපි ගැනත් හිතපල්ලකෝ :(
    මල පනින්නෙ මේ වෙලාවට තමා :P

    ReplyDelete
  9. සමාවෙයන් මට ...

    අය නොලියා ඉන්නද ... :D

    ReplyDelete
  10. මසක් පුරා පිපුණත් ඒ ඇහැල මල...
    සුවඳ දිදී රැඳුනා මගේ පිච්ච මල....
    හිතේ පැතුම් පිපිණා දිව ගියා වල....
    කලේ කුමට පිපුණත් කුඩලුනේ බල....

    ReplyDelete
  11. අපූරුයි.. තවත් කාව්‍ය බ්ලොගයක්....

    ReplyDelete
  12. බ්ලොග් ලෝකය මල් වලින් පිරී ඇත. පිච්ච, වෙරළු, නිදිකුම්බා....... සුවඳින් මත් වෙලා

    ReplyDelete
  13. මොකද බං උනේ. උඹට උන ගත්තද අපි එනවයි කිව්වම. ඇයි මේල් එකක් එව්වේ නැත්තේ... බලපං ලබන සතියේ විතර සැට්ටපෝච්චියක් දාගන්න හිතාන ඉන්නේ. ඉක්මනට කතා කරහං

    ReplyDelete
  14. මාරම ලස්සනයි .... කවි ලියන්න බැරි උණාට කවි කියවන්න එන්නම්කො :D

    ReplyDelete
  15. මේක ලියපු එකා මැරිලද බොල.. ලියපිය ඉක්මනට තව එකක් >_<

    ReplyDelete
  16. මේක ලියපිය ගුටි නොකා :3

    ReplyDelete
  17. බ්ලොග් ඕන තරම් දකිනවා, අවුරුදු ගණන් යද්දී ඉතින් අමතක වෙනවා තමා.එත් ඇයි මට මේ සුළඟ කොලුවව මතක? :'( ඉස්සර මටයි මල් ගීයටයි මේ සුළඟත් කවි ලියනවා නොවෑ. මල් ගීයත් ගියා මචං, රටෙත් නෑ දැන්. උඹ කොහෝ හරි ඉන්නව නම් ඊමෙලක් හරි දාපන් මේක දැක්කොත් අඩෝ මං මලේ නෑ කියල, ඒ ඇති.

    writerkaru@gmail.com

    ReplyDelete