Friday, July 12, 2013

...... වදිමි නුබේ පා සිබිමින ......



දස මසක් කුස දරා 
වැදු මගේ මෑණියනි 
නළල බැද දොහොත් දී 
වදිමි නුබේ පා සිබිමින 

හෙලා දා දිය බින්දු 
වඩා අප සුව රැන්දු 
බැතිබරව පියාණෙනි 
වදිමි නුබේ පා සිබිමින 

සම සිතින් එක ලෙසින
ඉවස වැරදි අප දග කල 
ඇති දැඩි කල දෙමවුපියනි 
වදිමි නුබේ පා සිබිමින 

අහිමි වුනත් මවු සෙනෙහස 
අඩුවක් නැ පිය සෙනෙහෙන 
නුබට තියෙන නය ගැති බව 
ගෙවා ගන්ට නොහැකිය මට ....... 



3 comments:

  1. නුබට තියෙන නය ගැති බව
    ගෙවා ගන්ට නොහැකිය මට .......


    ////

    සිරාවටම මචං ... නියම ආදරේ තියෙන්නේ අම්මා අප්පච්චි ළඟ.

    ReplyDelete
  2. මේ ණය ගෙවන්නට අපිට කවදාවත් ම බැහැ..මේ ආදරේ හරිම උතුම්...

    ReplyDelete
    Replies
    1. ලෝකේ තියෙන එකම සත්‍ය ආදරය ... ස්තුතියි සහෝ

      Delete