Tuesday, July 16, 2013

සුදු මැනික ......

ඔයාගේ ආදරේ නිසා ජිවත් වෙන,
ඔයාගේ ආදරේට ආදරේ කරන,
ඔයාගේ මතකයෙන් හුස්ම ටික උරා ගන්න,
මම කොයි විදිහට ජිවත් උනත්,
දුක් වින්දත් ඔයා සතුටින් ජිවත් වෙන්න ඕන.
ඔයා වෙන කෙනෙක්ගේ උනාට
මම ඔයාට ගොඩක් ආදරෙයි.
ඔයාගේ ආදරේ ගැන මතකයන්
හැමදාම මාව ජිවත් කරවයි

සුදු මැණික.....





නෙත රැදුණු නෙක තැනක
සොඳුර නුබේ වත දුටිමි
නෙතු පියවූ හැම විටම
සිහිනයක නුබ රැදුනි

හද ගැස්ම දැනුනු විට
හුස්ම පොද නුබම උනි
පිපුණු මල් පියල්ලක
මුදු සුවද නුබම උනි

සිතුවමට පන පෙවූ
තෙලි තුඩග නුබම උනි
පින් බිමක් තුල රැදුනු
සිල් සුවද නුබම උනි

අහිමි වන විජිතයේ
රන් දොරටු නුබම උනි
දිවිය තුල පන පෙවූ
හුස්ම පොද නුබම උනි .......

මම

සුළග

2 comments:

  1. අකුරු සයිස් එක වැඩි කලොත් හොදයි නේද බන්.

    ReplyDelete