Tuesday, September 3, 2013

......... මගේ සුදු මැණික ..........



රාස්සිගේ අවුව වැටුණු හැම විදියකම මුසලයි ... හිරි වැටිච්ච හිත හිමිහිට ඉකිලන්න හදනවා ... තනි වුනු මගේ හිතේ ඔයාට තිබ්බ ආදරේ වෙනුවෙන් නැගෙන සුසුම් රැලි ඇතට පාවෙලා යනවා ... ජිවිතේ මේ තරම් තනිකමක් පාළුවක් මට දැනෙන්නේ ඇයිද කියලා තේරුම් ගන්න මේ හිත පොඩ්ඩ තාමත් හිතනවා ... 

සුන්දර කදු යායකින් වටවුණු ඇත පිටිසර ගමක හැදුනු අපි දෙන්නා ... කාලයත් එක්ක ආදරෙන් බැදුනා ... මතකද ඒ සුන්දර අතීතය .. තාමත් ඔයත් මම වගේම ඒ අතීතයේ මතක සුවද තුරුළු කරන ජිවිතේ විදවන බව මම දන්නවා ... එත් .... දැන් ඔයා එක දරු මවක් ....

ඔයා තාමත් මගේ ඇස් මානයේ ජිවත් වෙන එක තමයි මට තියෙන එකම සැනසීම .. අතීතය නම් වුනු ඒ සුන්දර දවස් වල අපි දෙන්නා තාමත් දෙපැත්තකට වෙලා හුල්ලනවා .. දැන් ඔයා වෙන කෙනෙක්ගේ වෙලා .. එත් තාමත් අපි එක ගමේ ... හොදම යාලුවෝ .... 

සැදෑ කළුවර කුර ගගා විත් 
නුබේ පැල්පත මගේ දසුනින් 
ඇත් වූ සද - මගේ සරා සද 
තනිවෙලා මා තනිවෙලා .... 

අපේ ආදරේ ලග රාගය තිබ්බේ නැ .. එක වචනයෙන් කිවුවොත් එක  ආත්මීය ආදරයක් .. එක නිසා නේද අපි තාමත් හොදම යාළුවො විදිහට ජිවත් වෙන්නේ .... 

මේ ආත්මේ බැරි උනත් උපදින ආත්මයක් ගානේ හරි අපි අපේ වෙන්න කියල ඔයා වගේම මමත් අපේ ගමේ පන්සලට මල් පුජා කරනවා .. එකයි රත්තරනේ මම හැම පෝයටම ගමේ පන්සලට දුවගෙන එන්නේ කොහේ හිටියත් .. ඔයත් ඒ දේ කරන බව මම දන්නවා ... 

සැම උදයක
නෙතු පාරවාගෙන
ගලා හැලෙනා
සි....ත.....ල 
කදුළු බිදුවක් සේ 
නුබ ඇවිත් යනවා 
සිහිනයෙන් 
මහද කුටියට  ...

මම 
සුළග

4 comments:

  1. මෙතනදි උබ උඹෙ නිර්මානෙ මතුකරල තියන හැටි මදි වගේ කියල මට හිතෙනවා බං..

    ReplyDelete
    Replies
    1. තාම ආදුනිකයි සමි අයියේ .. ස්තුතියි වරද පෙන්වලා දුන්නට ... හදා ගන්නම් ..

      Delete
  2. මමත් ආආආආවාආආආඅ

    ReplyDelete
  3. සාදරයෙන් පිලිගන්නවා .. එන්න පුළුවන් වෙලාවකට ...

    ReplyDelete