Thursday, September 5, 2013

....... නුබේ සෙනෙහස .......



දෙනුවන් මගේ බොද කරමින් 
දෙකොපුල් මගේ තෙත් කරමින් 
සෙනෙහස බැමි ඉරි තලමින් 
දුරකට ගිය නුබේ නාමෙන් 

සද වත වැනි ඔය මුහුණට 
පෙර දවසක අපේ මතකෙට 
නුබට බැදුණු සෙනෙහස් සිත 
රැක ගන්නම් නුබ විලසට 

අහස උසට බැදුණු සෙනේ 
සිත තුල ලියවුනා මගේ 
නුබේ නමෙන් ඒ සෙනෙහස 
සැමදා සුරකෙවී ප්‍රියේ 

ලංව ඉන්න බැරි උනාට 
වෙන්ව යන්න සිදු උනාට 
පෙරුම් පුරමු මතු භවයක 
එක්ව ඉන්න එක විලසක 

මම 
සුළග  

16 comments:

  1. සුළඟකට කොහොමත් එක තැනක නැවතිලා ඉන්න බෑනේ :)

    ReplyDelete
    Replies
    1. හි .. හි .. එකනේ සුළග කියන්නේ .. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා ..

      Delete
  2. රෝස මල් සුවඳක් හමන සුළඟක් බවයි දැනෙන්නේ.. අගෙයි සුළඟ.. තව ලියමු අපි එනවා බලන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අල්තයිර් ... නම නම් කියෝගන්නත් අමාරුයි .. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා ...

      රෝස මල් සුවදක් නෙමේ .. අරලියා මල් සුවදක් ...

      Delete
  3. දෙනුවන් කුමටද ලොබ බිඳුණු පසු....
    දෙකපුල් රත් පැහැ වී ඇය ගියා ඇසු....
    ජීවිත ගල් තලා පුපුරු ගසා විසු...
    දුරකට ගිය පෙමකට හැඬු ඇයි විමසු.....

    සඳවත වන් වුවත් නුබ දුටු මුහුණේ....
    සඳවට ලප නොදුටුව නුබේ ඒ දසුනේ....
    ඇස තුල හෙණ ගෙඩි ගහලද ඒ ඇසුනේ....
    රැක ගන්නට බැරි බව නුබ නැත දැනුණේ.....

    අහස උසට බැඳු බැව් කියූ නුබේ සෙනේ...
    නොදනින්නෙද අමාවකට සඳ නැහැනේ....
    සුරකින්නට ඒ සෙනෙහස ඇය වැඩුණේ....
    නුබ කුමටද ප්‍රිය ඒ දුර ගිය ළඳුනේ....

    ලං කර ගන්නට නුබ හට ඇය සැමදා....
    බැරි බව ඔබ කිව්වත් පෙර මතුදා....
    දැන දැන නැතිවන බව වියැකුණු පෙම දා....
    පෙරුමන් කුමටද සසරට නුබ එන දා.....

    සුළඟ වයන සත්සරයට මුසු වෙන්නම්...
    නුබ කවි දැක පද අමුණා හිනැහෙන්නම්....
    නුබ පතනා ඔය කෙලි හෙට හිමිවේනම්....
    ගල් බෝතල් අරගෙන බොන්නට එන්නම්.... :D

    ජය වේවා සුළඟ... එයා උඹට ලැබෙයි. ඈත ඉඳන් නෙමෙයි ලඟට ගිහිං ඉල්ලපන්. ඈත ඉන්න මිනිස්සුන්ට දුක කිව්වට දැනෙන්නේ නැහැ. ඒ දේ දැනෙන්න උඹ ලඟට ගිහිං විඳින හැටි මවලා හරි පෙන්නපං. ආදරේට බොරු කලාට පව් නැහැ බං..


    මම - Bora Diyaka Induwara


    ReplyDelete
    Replies
    1. සහෝ .. උබත් ආවා එහෙනම් මේ පැත්තේ .. උබට ස්තුති කරන්න බැ .. මගේ සහෝනේ ...

      ගල් බෝතලයක් අරන් වරෙන්කො අපි බොමු .. හැබැයි හැංගිලා බොන්න බැ .. ඒවා ඔට්ටු නැ හරිය ..

      Delete
    2. අපෝ ගල් එපා. අරක්කු බොන්නේ නැහැ. අරක්කු බීම එපාම උණා මේ ලඟදි. ආයෙත් දාසක සෙට් වෙමුකෝ බීර් එකක් වත්.. බොන්නේ නැහැ කිව්වට ඉතිං ඔව්වානම් සුරංගනා කතා නෙව.
      ස්තුති නොකරන තරමට හොඳයි :D

      Delete
    3. අපි නිසාද මන්දා එපා උනේ .. :D

      වරෙන්කො මේ පැත්තේ ආපහු .. දවසක් ඉදලා යන්න .. සෙට් වෙන්නත් බැරිය හීනියට ... :P

      Delete
  4. ජීවිතය අරුමයකි.

    එය නොලැබුන දේ ගෙන දෙන

    ලැබුන දේ රැගෙන යන

    අරුමයැක්මය

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් .. දේශකයා ඇවිත් .. සාදරයෙන් පිලිගන්නවා .. සතුටු සිතින් ...

      ජීවිතය අරුමයක්මැයි .. එක ඇත්ත .. හරියට පිච්ච මල් සුවද වගේ ...

      Delete
  5. නෙතු කඳුළු දියවරට අද තමයි මම ඉස්සෙල්ලම ගොඩ උනේ, දිගටම එන්නම්කො කවි කියවන්න..
    ජීවිතයෙ හැම හමුවීමක්ම දුකින් කෙලවර වෙන්නෙ, ඒ ලෝක ස්වභාවය..

    ඉඩ ලැබුනු වෙලාවක මේ පැත්තෙත් ඇවිත් යන්නකො..
    http://nawaadahas.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට .. සාදරයෙන් පිලිගන්නවා .. මම ඔය පැත්තේ ආවා ...

      Delete
  6. විරහවම තිඹිරිගෙය කොට ..... :)

    ReplyDelete
    Replies
    1. හැකියාවට මුල තැන .. වෙන දෙයක් ගැන ලස්සනට ලියන්න දන්නේ නැ සමි ..

      Delete
  7. මේ වගේම අනිත් ඉසව් ඔස්සෙත් ලියන්න...ඔයාට හොඳට ලියන්නට පුළුවන් නේ සුළඟ...

    ReplyDelete
    Replies
    1. උත්සහා කරනවා .. විරහව සහ ප්‍රේමය ගැන නම් ලියන්න පුළුවනි .. අනිත් ඒවා ගැනත් බලමු හිමිට ... ස්තුතියි සහෝ

      Delete