Saturday, September 7, 2013

මරණය සැපකි දෙපයින් සිට නොවී කුද

හිතවත් ලග පාත අය දැක ගොරවන වා 
නින්දිත පහත ලෙස ගරහා එළවන වා 
නුපුරුදු මුහුණු අවි දැක වැද වැලපෙන වා 
පන නල රැකීමට දෙපතුල් ලෙවකන වා 

අවිහිංසක දුගී දුප්පත් අය අතර 
මහ පුරුෂයින් විරුවන් මෙන් වෙයි නිතර 
බොරු සිංහයින් උඩු බුරලන සියළු වර 
අවිගත් සොරුන් දැක වෙයි පනුවෙකු විතර 

බියගුළු නිවටයින් ජිවත් උනාවේ 
යුක්තිය මැකී අවනඩු මතු උනාවේ 
බොරුවෙන් මායමෙන් ලොව රැව ටුනාවේ 
ඇත්තට ගරු කරන උන් මිය ගියාවේ 


පන නල රැකීමට තවකෙකු දෙපා  වැද 
කුමටද නිවට බියගුළු ලෙස රැකි  අද 
සදාකල්ම අප පන නල රැකෙ  විද 
මරණය සැපකි දෙපයින් සිට නොවී  කුද 



මම
සුළග 

ප.ලි - 

ඇත්ත කතා කලොත් මරණය .. එහෙත් ජිවත් වීමට වඩා එම මරණය උතුම්ය ..  

14 comments:

  1. අනිවාර්යයෙන්ම...

    කියවපු හොඳම කවි පෙළක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .. සාදරයෙන් පිලි ගන්නවා ... මේ පැත්තට .. ලියන්න හිතුනා .. එකයි ලිවුවේ ...

      Delete
  2. හිතවත් උනත් මිනිසුන් අප ළඟ රැඳෙන...
    නින්දිත පහත් වන්නේ බහුතර රිදෙන...
    අවි මිල මුදල ලොව අග කෙළසා යනෙන...
    දෙපතුල් ලෙව කකා අප සැම අද මෙතන.....


    දුප්පත් බවක් ගෙන ආවේ මිල මුදලයි....
    වටිනාකමක් දුන්නේ කොලයට අපිමයි....
    සිංහයෝ කියා ලොවටම බස් දෙඩු අයමයි....
    අවිගෙන මිනිස් කැල භියකර නතුවේමයි....

    පණුවන් කන්නේ කුණු බව දන්නේ නැතිද...
    යුක්තිය ඇත්තේ නුබ ළඟ ඔබ නොදනීද...?
    බොරුවක් එබී මායා ලොව හැඩ වෙයි ද ..?
    කිසිවක් මිය ගිහිං ලොව හෙට වැජබෙයි ද..?

    පණ නල තිබෙන තුරු ලොව සැමතැන අප රැඳෙන...
    එක මිනිහෙක් තමයි හැමදා ලොව අග මුල සොයන...
    එතකන් බලා හුන් අපි ගැන කුමටද අද බස් දොඩන...
    මරණය සැපක් නොව, කිසිවක් නොකර යන...

    සුළඟ ලෙසින් අද සත්සර වයන ලද....
    මුලාවක යනෙන මිනිසුන් රකිනවද...
    ඔබ එය තුලින් කිසිවක් අද ලබනවද...
    එතකං නුබට ලොව ඉන්නට හැකි වේද..?

    මම Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. මටරැක ගන්න ඕන මගේ ජාතිය ආගම දේශය විතරයි සහෝ .. මෝඩ ඌරු රැලකට කඩේ යන්න ඕනෑම නැ මට ..

      Delete
    2. ඒ උනාට මැරෙන්න බය නැතිව ඇත්ත කතාකරන මිනිස්සු හොයනවා කියන්නේ අදකාලේ කළුනික හොයනවා වගේ වැඩක්. අද තමයි ගොඩ වැදුනේ තරුවගේ අඩවියේ තිබුන හරබර කොමෙන්ටුව දැකල.
      කෝරලේ වලව්ව

      Delete
    3. ඇන්නැවේ .. මේ අපේ කෝරලේ මහත්තයා නොව ... ඉතා සිතින් පිලි ගන්නවා මේ පැත්තට ... තුටි මල් මිටකුත් එක්ක

      මැරෙන්න බලාගෙන උනත් ඇත්ත කතා කරන මිනිස්සු අඩු බව පිලි ගන්නවා .. මේ සමාජේ තමන් ගැන හිතන මිනිස්සු විතරයි නොවැ ඉන්නේ කෝරලේ මහත්තයෝ .. උත්සහා කරමු වෙනසක් දකින්නට ..

      Delete
  3. අනේ ඒ උනාඅට දැං අපි හැමෝම කුදු වෙලානෙ ඉන්නෙ.. ලොක්කො මොනව කරත් අපි කරබාගෙන ඉන්නව. කෙලින් උන ගමන් උණ්ඩයක් ඇවිත් වදිවි ටාං ගාල..

    මං මැරෙන්න බයයි අෆ්ෆ... මං මීට කලින් මැරිල නෑනේ.. එහෙම අත්දැකීමක් තියේ නම් බය නෑ :P

    ReplyDelete
    Replies
    1. අපිට අන්තිමට :p තමයි ඉතිරි වෙන්නේ බන් මෙහෙම ගියොත්

      Delete
  4. අනේ මන්දා සුළඟේ , ඔයා මනු සතා සුනඛයාට සමාන කරන්න නෙවේ නේද උත්සාහ කරන්නෙ..? සුනඛයා හරි උතුම් සතෙක්.. :) :)

    යාළුවා ඔයා සුදු වෑන් එකකින් අරං ගියොත් කවුද මේ බ්ලොග් එක ලියන් යන්නේ..?

    තව ප්‍රශ්නයක් තියෙනවා.. මෙච්චර කල් බ්ලොග් නොලියා මොකද කරේ..? හරිම වියත් බවක් තියෙන්නෙ ඔයාගේ භාෂා හැසිරවීමේ..

    ReplyDelete
    Replies
    1. මොන වියතක්ද .. මම මගේ පාඩුවේ ජිවත් වෙන්නේ අෆ්ෆා ... ඔන්න ඔහේ දෙන දෙයක් කාලා තියෙන දෙයක් කරගෙන ඉන්නවා ... :p

      සුදු වැන් එකක් ඒවිද .. මල ජුලියයි ... එහෙම අරන් ගියොත් ඔයාට දීලා යන්නම් ... :D

      කොම හරි කියලා කෝල් කට්ටක් දීලා යන්නම් .. හි හි

      Delete
  5. //මරණය සැපකි දෙපයින් සිට නොවී කුද //

    සුළඟ- ගරු කරමි නුඹට. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කරු ... මම එහෙම හිතනවා ..

      මම කාටවත් කඩේ යන්නේ නැහැ .. මම දේශපාලනේ නම් හිතන්නෙම නැහැ .. ඒ තරම් අප්‍රියයි ...

      කරුගේ අදහස් බොහොම හොදයි .. මම බොහොම පුංචි මනුස්සයෙක් .. එත් මගෙන් කරන්න පුළුවන් සේවය සමාජයට දෙනවා ..

      තව දෙයක් .. එක ගන්න කියනවා නෙමේ .. මට වැරැද්ද නම් මගේ අම්මා තාත්තා කලත් වරද්දම තමයි .. මගේ කෙනෙක් කළා කියලා එක වෙනස් වෙන්නේ නැහැ ...

      Delete
  6. //මරණය සැපකි දෙපයින් සිට නොවී කුද //

    මරු :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමි අයියේ ...

      Delete