Sunday, September 8, 2013

මම .... නුබ .... අපි


මම ....

පාලු මැදියම් අහසේ ...
ආදරයේ පැල දිග වලාකුළු අතර ...
නුබේ රුව පමණක්ම ඇද ..
දුප්පත් ඇස් අගක ...
සිහිනයකින්ම පමණක් ... 
ආදරය කල ...
පහන් තාරකාවක් ... 

නුබ ...

ඉරා අදුරු සළු පිලි ...
දිදුලමින් තරු කැට ....
පායා විත් නුබ ගැබ මත ...
ඝනදුරම පමණක් ඉතිරි කර ....
නොකියාම බැස ගිය ...
සුපුන් සදක් .... 


අපි ....

ජීවිතය දවා හළු වුනු පසු ...
පෙර ජිවිතයේ අළු වලින් ...
නැවත උපදින ...
ෆීනික්ස් පක්ෂීන් සේ ...
අතීතයේ මතකයන්ගෙන් ...
ජිවිතේ සුසුම් පොද කැටිකර ...
ජීවිතය ගෙවන්නාවූ ...
පෙම්වතුන් යුවලක් ...   



මම 
සුළග  

14 comments:

  1. එච්චරයිද අනේ ඉන්නේ... ලස්සන අදහසක්..

    ReplyDelete
    Replies
    1. හි හි .. නැ නැ තාත්තා එහමත් ඉන්නවා ..

      මේකට අදාලව ලියන්න බැනේ ..

      Delete
  2. ලස්සන අදහසක්..... ජය වේවා.....

    ReplyDelete
  3. පෞද්ගලික අත්දැකීමක් නිසා තිස්ස ගැබින් වගේ පදයක් යෙදුවත්,මේ කවත් මෙතන යටින් කොමෙන්ටුගත කරන්න හිතුනා.. අගෙයි,ඔබ මා තමයි අපි වෙන්නේ..

    නිතර නොදිල පහන් තරුව තිස්ස ගැබින් බැස යවා
    නිතර සුදිල සුපුන් සඳින් ගුවන් ගැබම එලි වුවා
    නොහැර අකල ළකල් වියත සැම කල් හද බබුළුවා
    සෙකර සිසිල සතන් නොහැර නිරා සුවය සැලසුවා

    ReplyDelete
    Replies
    1. කවිය ටිකක් මම වගේ ඓන්සකයෙකුට බර වැඩි වගේ කරු ...

      එත් ලස්සනයි වචනාලන්කාරය අංක 1 ... තේරුම තමයි තේරෙන්නේ නැත්තේ ..

      එත් කමක් නැ .. හිත සතුටින් බාර ගන්නවා ..

      Delete
    2. සමාන පද දැම්මම සරලයි
      ලකල් වියත-ලස්සන අහස
      සෙකර-හඳ
      සතන්-හදවත

      එපමණයි සුළඟ,බරක් තිබී නැහැ නේද? බොහොම ස්තුතියි..

      Delete
    3. පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි කරු .. මම විශ්ව විද්‍යාල සිසුවෙක් නොවේ .. සමහර තැන් වල මගේ දැනුම බොහොම දුර්වලයි .. මම නිහතමානිව එක පිලි ගන්නවා ..

      Delete
    4. ඒක පිළිගන්න එක තමා වටින්නේ. ඉගෙන ගන්න පහසුම මග

      Delete
    5. මොනා කරන්නද .. පන්තියේ පළවෙනියා උනාට හැමදාම කැම්පස් යන්න බැරි උනානේ .. මල ඉලවු ආදරයක් නිසා ...

      හි හි ... දැන් මතක් වෙනකොට දුකේ බැ ...

      Delete
  4. ආදරය සුන්දර වරදකි කියල කියන්නේ ඕකයි බොලව්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .. ඇත්ත ආයුබෝන් ... ස්තුතියි මේ පැත්තේ ගොඩ වැදුනට ..

      Delete
  5. මට පේන්නේ මේක Reading List එකේ update වෙන්නේ නෑ වගේ. කොහොම වුණත් පද වැල් ලස්සණ යි!

    //පෙර ජිවිතයේ අළු වලින් ... නැවත උපදින ... ෆීනික්ස් පක්ෂීන් සේ ...// වෙනුවට පෙර ජිවිතයේ අළු වලින් ... නැවත උපදින ... රාජ ගුරුලන් සේ ... කියලා දැම්මොත් හොඳ නැද්ද? ඒක තමයි ෆීනික්ස් කියන එකේ සිංහල වචනය :) ජය වේවා!

    ReplyDelete
  6. ස්තුතියි ධාරා අක්කේ ..

    Reading List එකේ update කරන්නේ කොහොමද .. එක කියලා දෙනවනම් ගොඩක් ස්තුතියි ...

    ReplyDelete