ඔයාගෙයි මගෙයි අතීතය තාමත් මගේ මතකයේ තියා ගෙන මම තනිවම ජිවත් වෙනවා .. මම දන්නවා ඔයා ලගත මගේ මතකයන් තාමත් ආරක්ෂා කරගෙන තියාගෙන ඉන්නවා කියලා .. ඒ වෙනුවෙන් ... අපේ ඒ ලස්සන ආදරය වෙනුවෙන් .. ඒ ආදරේ මතකයත් එක්ක මම හැමදාමත් ජිවත් වෙනවා .. ජිවත් වෙන්නෙත් මැරෙන්නෙත් ඔය ආදරේ වෙනුවෙන්ම විතරයි මගේ සුදු මැණික ...
සිතුවිලි තුල උපදින මගේ සෙනෙහස
කවි පද ලෙස පිටු තුල ලියවෙන විට
සිතුවම් මවමින් නුබ රුව හද තුල
මවෙමින් නැතිවන අරුමය කුමනද
නැතිවිට එක්වී සිටිනට සිතු ලෙස
පතනෙමු මතු භවයක එක වී සිටිනට
පෙරඹර පැයු තරුවක් විලසින
පායනු මැන අඹරෙහි මගේ සෙනෙහෙන
මම
සුළග
සුළඟ විසින් මැණික අරබයා ලියන ලද කවියක් බව පෙනේ...
ReplyDeleteඅහිමි කරගත් මැණිකක් අරඹයා ලියන ලදී .. හි හි ..
Deleteඈඅ ආදරේ අපිට ලැබෙන්නෙ කලාතුරකින් යාලුවා
ReplyDeleteමේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා ... තුති මල් මිටකුත් එක්ක ඔන්න ..
Deleteඇත්ත .. අපේ ආදරේ අපිට ලැබෙන්නේ කලාතුරකින් .. සත්තයි එක අහිමි කර ගත්තම ජීවිතේම විදවන්න වෙනවා ...
මගේ සුදු මැණික දැන් වෙන කෙනෙක්ගෙ ආදරේ ආරක්ෂා කරනවා, මං මෙහේ ආදරෙත් තියන් බකං නිලං ඉන්නවා.. රෙද්ද... බඩගින්නට කන්නවත් බෑ මේක
ReplyDeleteඑක නම් ඇත්ත බන් ... සහමහර විට එපාම වෙනවා .. එත් කැපකිරීම් කරනවා ..
Delete
ReplyDeleteසිතුවිලි අනේ අල්ලා උඹ විසි කරපං...
කවි පද අරුත් ඇති දෙයකට ඇති කරපං...
සිතුවම් ගිණි තියා එව්වා අළු කරපං...
මවෙනා රූප කෙළසා එය නැති කරපං...
නැතිනම් එක්ව ඉන්නට ඈ සමඟ බොට...
පැතුමන් කුමට සසරට දික් වන්න හෙට...
අඹරට පෑයූ මුත් තරුවක් හෙට දිනට...
තරුවක් ඉරක් බව දැනගනු උණුහුමට....
කොතරම් ආලේ කලමුත් මේ ලොව ගෑණු...
ළඟ නැත සෙනේ උන් ළඟ වැටුණත් පේනු...
මටනම් වමනේ යනවා සිතුවිට ඇහෙනු...
කවි පද එපා වෙනවා ආලේ රැඳුනු.... :/
ලැබෙනවා නම් ලැබෙයි. නොලැබෙනවා නම් නොලැබෙයි. ලබා ගන්න ඕනෙනම් වෙහෙසෙන එකයි තියෙන්නේ. නැත්නම් ඕන අටමගුලක් වෙන්න තමන්ගේ ටාර්ගට් වලට යන එකයි. බොරුවට දුක් වෙන එකේ තේරුමක් නැහැ.
- මම Bora Diyaka Induwara
මචෝ .. සහෝ .. මට උන්නත් දාහයි මලත් දාහයි .. මට කෙල්ලෝ ලොකු නැ බන් .. එත් මට ලියන්න පුළුවන් මම හිතන විදිහට විරහව විතරයි ... ඉතින් මම එක ලියනවා ..
Deleteමේ මගේ ජීවිතය නෙමේ ... හි හි ..
බෙනී ටෙනිසන් මිතුරා වෙත ලියමි,
Deleteරන් සේ වටින මුල් කවි එක දෙකක් දැක
මෙතුවක් නොදුටු දෑ බොහො දැන් සිතෙයි මට
ඒ දැක සිතට තුටු පොදි පොරබදන සඳ
දැක ඇවිලුණා තුන්වන කවි පද මෙහද
ආලය ඔසුව වෙයි ගෑනුන් පිරිමින්ට
විරහව ශෝකෙ වෙයි ඔය හැම ගොල්ලන්ට
වන වූ අයවලුන් අතරින් පතර හෙම
ගෑනුන් මෙන්ම පිරිමිද ඉන්නව නොවෙද..?
ලිවුවත් බෙනා වෙත නුබ පිළිතුරක් ලෙසින්
Deleteහිතුනා මටත් ගොතනට සිවු පදය ලෙසින්
විරහව දරන පිරිමින් ලොව සතර දෙසින්
එක කල හොතින් ගැහැනුන් ලොව වේද නතින්
ආලය මුලාවකි රාගය කලාවකි
රාගය නොමැති කල ආලය පලා යති
ගැහැනුන් ලොවේ චපලයි නොමැත සිති
මගේ මෑණියන් නිසා එම සිතුවිලි සිතට නැගී
හෑ.... මලා ජෝන් කොතලාවල කිව්වා ලු...
Delete- පාර්ථනා ^_^
අරුතක් සොයා නුබ යන මේ ජීවන ගමනේ..
නුබ හට දැනෙයි පිටවුන් ළඟ නෑ රැඳුනේ....
ආලේ කලත් සිතු සේ පෙම් රජ දහනේ...
ඒ හැම තිබුනේ පිරුවට මත නේ ළඳුනේ.....
තුන්වන කවි පදය ඇවිලී ගියත් සිත...
හතරක් ලියා තැබුවේ නැහැ සැලෙයි ගත...
ගැහැණුන් ලොවේ චපලයි පවසයි මසිත...
ඉතිහාසය සැරයි, පෙරලා බලනු පොත....
ආලය ඔසුව නොව ඉරි ඇඳි හදවතට...
විරහව කුමක් දැයි හිමිහිට කියනු මට....
මව මට සෙනේ දෙයි කිසිදා නොවී යට...
කුමටද ? සෙනේ පාරේ යන හිවළුන්ට.... :D
පැතුමන් හුවා දක්වන නුබේ ඔය නිහඬ නම...
ඇතුලේ අරුත උඩු හුළඟට සැලෙයි හැම...
අතැඟිලි වගෙයි මිනිසුන් ලොව සිටුම...
කුමටද බසක් වැඩකට නැති ආලේ කුම...
සුළඟ -
සටහන් අස්සේ හිස මම අද තබාගෙන....
යතුරින් කොටා කවි කවි අමුණමින් මන...
විරහව කුමක්දැයි මට නුබ කියනු මැන....
මනසට ලෙඩක් ලෙසකට උන් සොයාගෙන...
රාගය කතාවකි ආලය හිනාවකි....
ආලය නොමැති කල රාගය සොවින් ඇති...
ගැහැණිය චපල වන්නේ මිනිහට වෙලා නීති..
මගේ මව ගැනයි කිව්වේ පේවෙලා ගති...
මල කෝලං.. රාගය කියන්නේ ආදරේ නෙමෙයි. සිප ගැනීමෙන් පටන් අරගෙන මංගල යහනේ වෙන්න ඕන දේවල් අද කාලේ ආදරවන්තයෝ ළඟ තියෙන්නේ. මේ කාලේ නව යුගයේ කෙනෙක් විදියට මටත් ඔය දේවල් හොඳට පුරුදුයි. හැබැයි හොඳටම දන්නවා, මට නැති ආදරයක බල්ලෝ බළල්ලු වගේ රාගය මත ගිනි ගොඩක් වෙන්න බැහැ කියලා. ඒකයි ආදරේ නොකර ගොළුවත රකින්නේ..
සහතික ඇත්ත බෙනෝ .. රාගය නැතුව ආදරය කරන්න ගියාම කෙලවෙන්නේ අපිටමයි .. අපිත් අද සමාජේ අනිත් උන් වගේ වෙන්න ඕන .. එතකොට හරි .. නැත්නම් අපේ මේ වෙනස සම හරක් උන් හිතන්නේ මුකුත් කරන්න බැරි කම කියලා ...
Deleteබැරි කම නෙමේ ... කෙල්ලෙක්ගෙ ආත්ම ගරුත්වයේ වටිනාකම සහ ආදරය කියන දේ හදවතින්ම ඇදහීම ..
@මේ අහන්න සුළඟ ,
Deleteමා දුටු ලොවේ මා ඇසුරේ උන්නු අය
අතරින් දැනුනු දෑ ලිවුවෙමි ඉහත පෙර
නුඹ මව් උතුම් පදවිය සිත අරං මත
ලඳ ගැන සිතන අයුරුම සතුටක්ය මට ^_^
පිවිතුරු සෙනේ පුදකර එක් ලඳක් වෙත
ලත් වේදනා සිහිවූවා වත්ද අද..?
පෙනෙනව වත්ද උන් අද වහකඳුරු ලෙස
එනිසා කවි සිතුම් නැඟුනා නොවෙද උඩ..? :( :(
පෙරලා බලන් බ්ලොග් පිටු එක එක ගණනේ
පොඟවා ලියැවෙනා දුක් ගිනි විරහ රඟේ
පිරිමින් සා ම ගැහැනුද ලතැවෙන තරමේ
අරුමය එවිට වැටහෙනු ඇත නොවැ මිතුරේ..? :)
බෙන් වෙත ලියමි..
මම මෙලෙස
තව තවත්
අඩුක් කරනෙහි
තේරුම කිම් කවි පද..?
වෙනස් ඇස් යුගල දෙකකින්
අපි වෙනම
ලෝකය දකින සඳ
ආයෙමත් අපි
හිටිය මුල් තැන..
පාර්ථනා,
Deleteඩිම්බය සමඟ ..
කැළඹුණු ශ්රුක බිඳුව...
වැදෑමහ වෙලමින්...
ඇතිවන කළලය....
මෝරා... මෝරා... මෝරා...
පියා නැති කළලය....
මව නැති කළලය....
කුමටද මෙරිමක්...
සැත ගෙන...
පෙකණි වැල කපා....
ගබ්සා කරනවා විනා...
ආලය නම් එයම වේ..
@ ප්රාර්ථනා
Deleteඅම්මා නොමැති මට මවු සෙනේ ගැන
වෙන කවරෙකුටවත් වැඩියෙන් දැනෙනු ඇත
මවු සෙනෙහසින් මා වෙන්වී සිටින කල
පිය සෙනෙහසයි මට තිබු එක සැනසිල්ල
මවු පදවියේ ඇති පිවිතුරු ගුණ මහිම
ගැහැණිය තුලින් දුටුවෙමි පෙර දිනෙක මම
ආලය කලේ එවැනිම ලදකට සොදුරු මම
දිවියම කැප කලේ එකයි එවැනි පෙම
@ සුළඟ -
Deleteආඩම්බර වෙනවා ඇති..
කොහේ හෝ සිට ...
ඈ..
නුඹ දෙසම බලාගෙන..
සමාවෙන්න ඔයාගේ හිත අතීත මතක සුවඳින් පෑරුණා නම්..
@ බෙනී -
එය එහෙමනම්
සාධාරණයි...
ආලයේ
දැක්ම..
යම් කෙළවරක්..
අපූරු කවි පද මිතුර..:)
රිදෙන්න හිතක් මට දැන් ඉතුරු වෙලාද කියන එකයි ප්රස්නේ ..
Deleteඅනේ මන්දා .... හිනා වෙලා ජිවිතේ ගෙවන්න ඕන .. කොහොම හරි ..
අම්මා ගැන මතකය ආවාම නම් කදුලක් එනවා මටත් නොදනිම ..
එත් සමාව ඉල්ලන්න ඔයා වරදක් කලේ නැනේ ..
ඔන්න අස්වැන්නට ඇවිත් ගිහින් තිබුණා.. ඒ සටහන් ඔස්සේ මමත් ආවා. දැන් ඉදිරියටත් එන්න පුළුවන්. ලියමු ලියමු අලුත් දේවල් ලස්සනට..
ReplyDeleteබොහොම ස්තුතියි .. හදුනා ගන්න ආසාවෙන් හිටියේ .. පුංචි එකෙක්ගේ ඉල්ලීම අහක නොදා ආවට ස්තුතියි ..
Deleteසුළඟ ඔබද..? :):)
ReplyDeleteහරිම හැඟුම්බරයි ඔයාගේ මැණික ගැන ඔයාට හිතිලා තියෙන විදිහ.. පෙනෙන විදිහට නම් වෙන්වීමට මුල දෙන්නාම නෙවේ පිටස්තර කාරණයක් වගේ...
ඔව් .. පිටස්තර කාරණයක් .. එත් එක වෙන්වීම උනා ..
Deleteස්තුතියි ප්රාර්ථනා ...
// සුළග ඔබද ? // මේක නම් තෙරුන් නැනේ ...
සුලඟ ? පාවෙලා ඕනෑ තැනකින් යෑමද..?
Deleteනැත්තම් හැම වෙලේම ලඟ රැදෙන්නා සේ දැනීමද..? ඒකයි ඇහුවේ :)
මම .. සුළග
Deleteසිසිලසක් අරන් සිත ලගම දැවටෙන්න .. මගේ හිතේ සුසුම් කන්දක් තිබ්බත් තවත් එක් සිතක සුසුමක් මගේ කරමතට ගන්න හැකිනම් .. අන්න ඒ සුසුම මට නිවන්න හැකිනම් .. එලෙසින්ම හමා යන සුළග මමයි ප්රාර්ථනා ...
පැතුමන් විලස හද තුල මල් පිබිදේවා
ReplyDeleteසිතුමන් නොරිදවා හද හද යා වේවා
හැරයන් ඇයත් සුළඟ නුඹට හමු වේවා
පාවෙන් සුළඟ නුඹ ඈ ළඟ දැවටෙවා..
කරූගෙන් පැතුමක්.. :)
පැතු විලස හද තුල මල් පිබිදෙනම්
Deleteසිත්මල් නොරිදවා හදවත් යා වේනම්
හැරගිය ඇයව මා හට අද හිමි වේනම්
එක් දරු මවක් උව කම් නැත මගේ වේ නම්
ආදරය වගේම විරහවත් සුන්දරයි...
ReplyDeleteදිගටම ලියන්න..මමත් එනවා කියවන්නට..
දිගටම ලියනවා විරහව .. මොකද මට ගොඩක් ලියන්න හැකිකම තියෙන්නේ ඒ දේනේ එකයි ... ස්තුතියි සහෝ
Deleteඅද නං හරිම පෝසත් කමෙන්ටුත් එක්ක.. රසවින්දා සුලඟ ..
ReplyDeleteස්තුතියි සමියා .. හි හි ..
Deleteඔයා මුණු පොතේ මාව දන්නවා ...