Saturday, September 7, 2013

....... මගේ වීරයා .......

  
හෙතෙම ...

අනුරාදපුර නගරය බිහි කරයි ..
අනුරාදපුර නගරය ගොඩ නගයි ...
ගම් සිමා නියම කරයි ...
ජය ගගේ වතුරෙන් අභිෂේක ලබයි ...
ගොවි පවුලකින් විවාහයක් කර ගනී ..
දේවාල ඉදි කරයි ..
පුජා පවත්වයි 
නගර ගුත්තිකයින් පත් කරයි ...

හෙතෙම 
  
අරෝව සන්සිදවයි ...
ලේ වැගිරවීම් නවත්වයි ...
විරසකය දුරු කරයි ...
සිංහයින් විනාශ කරයි ...
සිවු හෙලයන්ව දිනවයි ..
මවු බිම නිදහස් කර ගනී ..

හෙතෙම ..

මවු බිමේ නිදහස් සටනේ පළමු විරුවා නම් වේ ..
මවු කුසින් බිහි වන්නට පෙරම 
මරණ වරෙන්තුව ලත් ඔටුන්න හිමි කුමරුවා වෙයි ...
හෙළයේ මහා ඇදුරන්ගේ අභාෂයෙන් ...
පෙර මග කියන්නාවූ නිමිත්ත පාටකයන්ගේ 
අනාවැකි මේ යැයි සපල කල ...

හෙතෙම 

සිංහ වංශිකයින් වූ ..
පර දෙසක්කාරයින්ගෙන් 
මේ රටේ කිරීටය නැවතත් ...
මුල් පදිංචිකාර සිවු හෙළයන්ට 
භුක්තියට සරි කරන්නේය ...

හෙතෙම 

නමින් ...
පකුන්ඩක නොහොත් ..
පණ්ඩුකාභය නම් විය .... 
  


මම 
සුළග  

14 comments:

  1. ඔබගේ අඩවියට අදයි ආවේ. ලස්සන සිතුවිලි. සුභ පතනවා.

    අපි කුරැටු ගෑ ගී පවුරෙන්

    ReplyDelete
    Replies
    1. හැ ... සාදරයෙන් පිලි ගන්නවා .. තුති මල් මිටක් සමගින් ..

      ඔය පැත්තේ එන්නම් .. ආරාදනයක් නැතත් ... හි හි

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හරිම ගාම්බීරයි
    ජාතිකානුරාගය වඩවයි..
    මටසිළුටුයි..
    සොඳුරුයි..

    ReplyDelete
    Replies
    1. නිකන් හින්ට් එකක්ද මන්දා .. :D

      කොම උනත් ස්තුතියි ... ගල් මුල් ඕන දෙයක් සමසිතින් එක ලෙසින් ..ඇ

      Delete
    2. කියන්න තියෙන දේ වහෙන් හොරෝ මොකට කියනවද සුලඟ..?

      බොරු නෙවේ.. මම ඉතිහාසෙට ආසයි..ගොඩාක්ම අනුරාධපුර රාජධනිය හා සම්බන්ධ දෑට..

      ගාම්බීර කතාවක් , ජාතිකානුරාගය වඩවන ලෙස මටසිළුටු භාෂාවෙන් ලියා ඇති අයුරු හරිම සොඳුරුයි... ! ^_^

      Delete
    3. හරිම අපුරුයි .. ^_^

      මගෙත් ආසම දෙයක් ඉතිහාසය .. එකයි ඔය විදිහේ දෙයක් ලියන්න හිතුවේ .. සතුටුයි මම වගේම තව හිතක් අදුන ගන්න ලැබුන එකට ...

      විනෝදාංශ මගේ ...

      පොත් කියවීම, ඉතිහාසය හා විරහව ..

      Delete
  4. අගෙයි ඔබ බැන්ද මේ ගී කව් පද ය
    ගෙනෙයි අප හදට රජ කී ඌෂ්ණ ය
    සදයි ජාතියේ වැනසුන ගෞරව ය
    රසයි සුළඟ අද ඔබගේ කව් පැදි ය

    -කරූ

    ReplyDelete
    Replies
    1. යවහන් දෝෂය තියෙනවා මගේ කවියේ,ගණන් ගන්න එපා හිටිවන ඒවානේ ;)

      Delete
    2. මම ඔය යවහන් දෝෂ .. එලි සාමය එහෙම මුකුත් දන්නේ නැහැ ... පැන අතට ගත්ත .. ලිවුවා .. දැම්මා බ්ලොග් එකේ ..

      ඇත්ත කියන්න එපැය .. :D

      Delete
  5. ඔබේ කවිය තුලින් ඉතිහාසයම දුටිමි.හරිම අරුත් බරයි..දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා .. ඉතිහාසය මගේ පන හා සමානයි

      Delete
  6. නොදන්න රාවණාට වඩා දන්න පණ්ඩුකාභය අපිට හොදා .. නැද්ද මචං :D

    ReplyDelete
    Replies
    1. සිවු හෙළයන් ගැන විස්වාසැ කරනවා නම් රාවනා ගැනත් හිතන්න වෙනවා ..

      ඇත්ත දන්නා පණ්ඩුකාභය හොදයි තමයි ... එත් හිතන්න වෙනෝ .. මොකද විජය එන්න පෙර පවා අපේ රටේ සංස්කෘතියක් තිබුනා ... එක උසස් වාපි සස්කෘතියක් ...

      Delete